• Follow Us On :
Marketing

මානවවංශ සංගීතවිද්‍යා විෂයයෙහිලා සී. ද එස්. කුලතිලක මහතාගේ දායකත්වය

Learn How To Build The Perfect Diet & Meal Plan For Improved Health, Better Weight Loss And…

Download your Research in here

1926 දින අම්බලන්ගොඩ පොල් වත්ත ග්‍රාමයේදී උපත ලැබූ වොලන් සිරිල් ද සිල්වා කුලතිලක හෙවත්
සී.ද එස් කුලතිලකයන්ගේ පියා කරෝලිස් ද සිල්වා කුලතිලක නම් වූ අතර මව ගාල්ලගේ ඇලිස්
නෝනාය. පවුලේ බාලයා වූ මෙතුමාට වැඩිමල් සොහොයුරෝ දෙදෙනෙක් හා සොහොයුරියක් වූහ.
පොල්වත්ත බෞද්ධ පිරිමි පාසලෙන් හතරවන පංතිය දක්වා අධ්‍යාපනය ලැබූ මෙතුමා 1935 දී උසස්
අධ්‍යාපනය හැදෑරීම සඳහා අම්බලන ්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් විය. එහිදී සතියකට වරක්
ඉගැන්වීම් කටයුතු සඳහා පාසලට පැමිණි ආනන ්ද සමරකෝන් මහතාගෙන් උගත් මෙතුමා ඇතුළු
ශිෂ්‍ය පිරිසකට නමෝ නමෝ මාතා ගීතය ප ්‍රථම වරට ගැයීමේ භාග්‍යයද හිමිවිය. කුලතිලකයන්ට චිත්‍ර,
ලතින ් භාෂාව, රේඛා ගණිතය, භූගෝලය යන විෂයන් පිළිබඳ විශේෂ හැකියාවක් තිබිණ. වර්ෂ 4ක්
කැඩෙට් හමුදාවටද බැඳී කටයුතු කළේය. විශ්ව විද්‍යාලයට ප්‍රවේශ පන්තියේද සමාජ විද්‍යාව, භූගෝල
විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍ය, ලංකා ඉතිහාසය, සිංහල යන විෂයන් හදාළේය.1948 පෙබරවාරි
මාසයේ දී ඉංග්‍රීසි උප ගුරුවරයකු ලෙස තෙල්දෙණිය මහා විද්‍යාලයට පත්වීමක් ලැබිණි. එහිදී සංගීත
විෂය,ප්‍රජාචාරය සහ ලංකා ඉතිහාසය, භූගෝලය යන විෂයන්ද ඉගැන්විය.

පාසලේ සුන ්දර පරිසරයත් අවට නිවෙස් වලින් හා කලායතන වලින ් ඇසුණු බෙර හඬත් මෙතුමාගේ
චින්තනය වෙනස් කිරීමට හේතු විය. ජන ගී පිළිබඳ දැඩි ඇල්මක් ඇති වූයේ මේ කාලයේදීය. ශාස්ත්‍රීය
දැනුමක් නොතිබුණත් 1949 දී මධ්‍යම පළාතේ අන්තර්පාඨශාලීය ගායන තරගයකින් තමන් සේවය
කළ පාසලට ප්‍රථම ස්ථානය ලබා දීමට සමත් විය. 1951 දී චිත්‍ර කර්ම විභාගයට සිසුවෙක ් ලෙස පෙනී
සිට එයින් සමත්ව එම පාසලේම චිත්‍ර කර්ම ගුරුවරයා බවට පත් විය. එම වසරේදීම එතුමාට නුගවෙල
මහා විද්‍යාලයට මාරුවක් ලැබිණි. මාස අටක සේවයෙන ් පසු රැකියාවෙන් ඉවත්ව 1952 දී
ශාන්තින ිකේතනය බලා පිටත් විය. 1956 දී ඩිප්ලෝමා සහතිකය ලබාගෙන පෙරලා සිය රටට
පැමිණියේය. කුලතිලක මහතාට 1958 දී මීරිගම ගුරු විද්‍යාලයේ සංගීත ගුරු උපදේශකවරයා ලෙස
පත්වීමක් ලැබිණ. මහරගම ගුරු විද්‍යාලයෙහි සංගීත කථිකාචාර්ය ධුරයක් ලැබී කොළඹට පැමිණියේය.
එතැන් පටන් එතුමා තම පර්යේෂණ කටයුතුවලට යොමු වූ අතර 1967 පමණ සිට සංස්කෘතික
දෙපාර්තමේන ්තු කලා මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ජන ගී සහ සංගීත අනු මණ්ඩලවල සේවය කොට
ඇත. 1970 දී මෙතුමා අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීත පරීක ්ෂක ධූරයට පත් වූවත් ඔහු එම පත්වීම
භාර නොගත්තේය.

මෙතුමා මකුලොලුව මහතාගේ ආශ්‍රය ලබා ඇතත් ඔහු සමඟ ගායකයෙක් වාදකයෙක ් ලෙස සම්බන ්ධ
වී නැත. ලංකාවේ සංගීතය පිළිබඳ කුලතිලක මහතාට ඇති උනන්දුව මකුලොලුව මහතා දැන
සිටියේය. විවිධ පුස්තකාලවල පොත්පත් පරිශීලනය කරමින්ද කොහොඹායක්කංකාරිය, දෙවොල්මඩු,
බලි තොවිල් නරඹමින්ද දේශීය කලාවන් පිළිබඳ අධ්‍යයනය කළේය. ගුවන් විදුලියේ සංගීත පර්යේෂණ
අංශ ප්‍රධානී තනතුරට පැවැති සම්ම ුඛ පරීක ්ෂණයෙන් එවකට ලංකාවේ ප්‍රසිද්ධියට පත්ව සිටි ප්‍රධාන
සංගීතඥයි න් අභිබවා ඉන් සමත්ව, 1970 පෙබරවාරි මස 01 දින උක්ත තනතුරට පත්විය.
ගුවන්විදුලියේ පත්වීම ලද කුලතිලක මහතා දිවයින පුරා පිවිධ ප්‍රදේශවලින ් ජන ගායන හා වාදන 3500
කට අධික ප්‍රමාණයක් එක් රැස් කළේය. ගුවන් විදුලි සංගීතයේ ස්වර්ණමය යුගය වශයෙන්
ගැනෙන ්නේ 70 දශකයයි. මෙම යුගයේදී ජන ගායන ශ්‍රාවකයාට සමීප කළ හැක්කේ කෙසේද යන්න
පිළ ිබඳ අවධානය යොමු කළේය. එහිදී මුල් ජන ගීතය ප්‍රතිනිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම ඊට උචිත
වන බව සිතුවේය. එ ් අනුව තමා එක් රැස් කරගත් ජන ගායන අතුරින් ප්‍රතිනිර්මාණයට උචිත එ ්වා ඒ
සඳහා යොදා ගත්තේය. එ ් අතරින ් සෑරිසොඳට ගිරි දේවී ගීතයද, දෑතින් පන්දු සුරභාවල්ලි ගීතයද,
ත්‍රිවිධ ඥාණ ආදී සාම්ප්‍රදායික ගායනා අප රට තුළ ප්‍රචලිත විය. එසේ ප්‍රචලිත වූයේ එ ්වා
ප්‍රතිනිර්මාණාත්මක ඉදිරිපත් කළ නිසාවෙනි. පර්යේෂණ ගී වැඩසටහන් ජන ශෛලිය පදනම්
කොටගත් නව නිර්මාණ සඳහාද තෝතැන්නක් විය. ප්‍රාසංගික වූ මෙවැනි වැඩසටහන්වලට අමතරව
සංගීතමය ම ූලාශ්‍රයන් පිළිබඳව පර්යේෂණාත්මක වැඩසටහන් ඉංග්‍රීසි හා සිංහල යන දෙබසින් ම
ඉදිරිපත් කරන ්නටද මෙතුමා පියවර ගත්තේය. අඬහැරපෑම, බෞද්ධ සජ්ඣායන ක්‍රම, වේද ගීත හා
ඉන්දීය සංගීතයේ ම ූලාරම්භය වැනි මාතෘකාව ඔස්සේ ඉදිරිපත් කෙරුණු විවරණ ඉන් සමහරකි. 1971
දී ජර්මන් ජාතික මහාචාර්ය ජෝෂප් කුකර්ට්ස් මහතා ඔහු ගැන පැහැදී ඔහුට ජර්මනියේ ෘ්ෘ
ආයතනයට ශිෂ්‍යත්වයක් ලබා දිනි. මෙහිදී මෙතුමා මානවංශ සංගීතය, ජන ගී සංරක ්ෂණය, ජන ගී
එකතු කිරීම, විශ්ලේෂණය ආදිය පිළ ිබඳ අධ්‍යාපනය ලැබීය. ක්ෂේත්‍ර අධ්‍යයනය පිළ ිබඳවත් ගමිලාන්
සංගීතය පිළ ිබඳවත් අවබෝධය ලැබීය. 1985 දී සංගීත අනු මණ්ඩලයේ සභාපති ලෙසද පත් විය.
කුලතිලක මහතා 1975 – 76 කාලයේ කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අංශයේ බාහිර
කථිකාචාර්යවරයකු ලෙසද, 1976 කාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු
ලෙසද සේවය කළේය.

1990 -08-01 දින මෙතුමා සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ සංගීත සහ නැටුම් අධ්‍යාපන අංශයන්හි
දේශීය සංගීත හා නර්තන පර්යේෂණ නිලධාරී ලෙස පත් වූ අතර 1992-08-20 දින එහි සංගීත
පර්යේෂණ අංශය විවෘත විය. එමඟින් කුඩා විවරණිකා සම්පාදනය කළ අතර නෝර්වේ ඔස්ලෝ
විශ්ව විද්‍යාලය සමඟ හුවමාරු වැඩසටහනක ් ද ක්‍රියාත්මක විණී. මෙවැනි පර්යේෂණාත්මක
ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට ඉවහල් වූයේ නෝර්වෙහි ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය
ෂෙල් ෂෙල්ස්ටාඩ් මහතාත් කුලතිලක මහතාත් අතර වූ පෞද්ගලික මිත්‍රත්වයෙනි. 1999 දී නොරා
ආයතනයත් සංස්කෘතික අමාත්‍යංශයේත් අනුග ්‍රහයෙන් සෞන්දර්ය අධ්‍යයන ආයතනය මගින ් එහි
ඉතිහාසයේ ප්‍රථම වරට ජාත්‍යන්තර මට්ටමේ සංගීත උළෙලක් සංවිධානය කෙරිණි. එ ් ආසියාතික
සංගීත උළෙලය ි. මෙය කුලතිලකගේත් මහාචාර්ය ෂෙල්ටාඩ්ගේත් අදහසක් ඵලදැරීමකි.
මෙම කාලයේදී විවිධ බාධා මධ්‍යයේ මානවංශ සංගීත විෂය සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ සිසුන්ට
ඉගැන්වීමට කටයුතු කළේය. තත් විෂය ලංකාවට හඳුන්වාදීමෙහිලා පුරෝගාමී මෙහෙවරක ් සිදුකළ සී.
ද එස්. කුලතිලක මහතාගේ පුරෝගාමී උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන සෞන්දර්ය කලා
විශ්වවිද්‍යාලය තුළ සංගීත පීඨයේ මානවවංශ සංගීතවිද්‍යා අධ්‍යයනාංශය නමින් ස්වාධීන අධ්‍යයන
අංශයක් ස්ථාපිත කොට ඇත.

මෙතුමාගේ අතින ් ලියවුණු පර්යේෂණ ග්‍රන්ථ අතර

ලංකාවේ සංගීත සම්භවය (1974)
ජන සංගීත සිද්ධාන්ත (1981)
විශ්ව සංගීත ක්ෂේත්‍ර (1968)
දහ අට වන්නම (1968)
ආසියාතික හා පැසිෆික ් කලාපීය සංගීත භාණ්ඩ (2000)
ඵැ්එැර ඵැකදාහ ්බා ඍයහඑයැප සබ ීසබය්ක් ඵමිසජ :1976*
ීදජස්ක ඊ්ජනටරදමබා එද ීසබය්ක් ඔර්ාසඑසදබ්ක ඵමිසජ දf ීරස ඛ්බන් : 1976*
ඵමිසජ්ක ෂබිඑරමපැබඑි සබ ීරස ඛ්බන්

මෙතුමා ගුවන් විදුලියෙහි සංගීත පර්යේෂණ අංශයේ කටයුතු කරන කාලයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල
විවිධ ජන කොටස් අතර පැවත ආ ජන ගී සහ නාද මාලා ඉමහත් ප්‍රමාණයක් පටිගත කොට
සංරක ්ෂණය කිරීමට සමත් විය. සාම්ප්‍රදායික සමාජ පදනම් ප්‍රචණ්ඩකාරයෙන් දෙදරායාම ඇරඹුණු
නවසිය අසූව දශකයට පූර්වයෙන ් ජන ගී සහ නාද මාලා එක් රැස් කිරීමට කුලතිලක මැදිහත්
නොවූවානම් අද වන විට එ ් මහාර්ග සංස්කෘතික උරුමය සම්පූර්ණයෙන ්ම වැනසී යන්නට ඉඩ තිබිණි.
සම්ප්‍රදායික ජන ගී සහ නාද මාලා එක් රැස් කිරීමෙන් පසු ශ්‍රව්‍ය මාධ්‍යයෙන ් එ ්වා සංරක ්ෂණය කිරීමට
අමතරව එ ්වායෙහි සාහිත්‍ය පෙළ ම ුද්‍රණ කොට සංරක්ෂණය කිරීම ද කුලතිලකගේ දූරදර්ශී සංරක ්ෂණ
ක්‍රියාවලියේ වැදගත් ප්‍රතිඵලයකි. දිවයිනේ විවිධ ප්‍රදේශ වලින ් එක් රැස් කර ගත් සාම්ප්‍රදායික ජන ගී
සහ නාද මාලා මෙන ්ම එ ් නාද මාලා ආශ්‍රයෙන් ප්‍රතිනිර්මිත ගායනාද ඇතුළත් සංගීත නිර්මාණ
“මියැසිය” නමැති ගුවන් විදුලි වැඩසටහනින් දශක එකහමාරකට අධික කාලයක ් ප්‍රචාරය වීමද එතුමා
අතින ් සිදු වූ තවත් වැදගත් මෙහෙවරක.

ඔහු ස්වකීය සංගීත විෂයෙහි ඥානය ප්‍රචලිත කිරීම සඳහා ග්‍රන ්ථකරණයෙහි නියැලීම ආරම්භ වන්නේ
1963 වර්ෂයේදීය. ඒ වර්ෂයේ පළ වූ ක්‍රමවත් එස්රාජ් වාදනය ඔහුගේ ප්‍රථම ග්‍රන ්ථයයි. ද්විභාෂක
උගතෙකු වූ කුලතිලක ජනසංගීතය සහ මානවංශ සංගීතවේදය යන විෂයන් අළලා ඉංග්‍රීසි භාෂාවෙන්
ග්‍රන ්ථ සහ ලිප ි රැසක් රචනා කළේය. 1991 වර්ෂයේ පළ වූ ෑඑයබදපමිසජදකදටහ ්බා
ෑඑයබදපමිසජදකදටසජ්ක ්ිචැජඑි දf ීරස ක්බන් නැමැති ග්‍රන ්ථය මෙරට රචනා වූ තත් විෂයානුබද ්ධ ප්‍රථම
ශාස්ත්‍රීය ග්‍රන ්ථය ලෙස හැඳින්විය හැකිය. දෙමළ සහ ම ුස්ලිම් ජන සම්ප්‍රදායානුගත මානවංශ සංගීතය
අළලා තවත් කෘතියක් සම්පාදනය කිරීම ඔහුගේ අභිලාෂය විය. විශ්ව සංගීත ක්ෂේත්‍ර,ආසියාතික හා
පැසිප ික ් කලාපීය සංගීත භාණ්ඩ, වන්නම හඳුනාගන ිම ු යන කෘති හා භාරතීය සංගීතයේ පැවති ශෘති
පෙළහර, මානවංශ සංගීතවිද්‍යාව හා බෞද්ධ සජ්ඣායනයේ ස්වරමාපකය, ශ්‍රී ලංකාවේ වැද්දෝ,
චීන සංගීත පද්ධතිය, මානවංශ සංගීත විද්‍යාව හැඳින්වීම, ප්‍රතිනිර්මාණය හැඳින්වීම වැනි
පර්යේෂණාත්මක ලිපි රැසක්ද ඒ අතර විය.
මීට අමතරව ගුවන් විදුලියේ දී මෙතුමා විසින ්

■ හෙළ ජන ගී (1974)
■ කොහොඹාකංකාරිය (1982)
■ කපුයක්කාරිය (1983)
■ ශ්‍රී ලංකා ජන සංගීතය (1985)
■ නාඩගම් සංගීතය
■ ශ්‍රී ලංකා කෝලම්
■ ඔයැ ඵ්ිනැා ඡක්හ නමින් ඛඡ තැටි රාශියක් ද නිපදවා රටට දායාද කලේය.

මේ අතර දේශීය හා විදේශීය සඟරා රාශියකටද පර්යේෂණ ලිප ි පළකර තිබේ. ඒවා අතරින ් කිහිපයක්
මතු දැක්වේ.

■ වීණාව හින්දු ආර්යයන්ගේම නිෂ්පාදනයක්ද (1968 කලා සඟරාව)
■ සංගීත ස්වර පද්ධති වල විකාශනය (1966 කලා සඟරාව ජූනි)
■ කෝලම් නාට්‍ය හා කාලි ඇදහීම (1968 කලා සඟරාව ජුලි)
■ මළවුන් අවදි කිරීමට වාදනය කළ බටනලාව (1976 කලා සඟරාව අගෝස්තු)
■ සිංහල සංගීතඥයාගේ මිල නාම (1970-71 චින්තක සඟරාව)

“පළ ිග ු මැණිකේ” ටෙලි නාට්‍යයෙ ් සංගීත නිර්මාණය ද ඔහු විසින් සිදු කළ අතර ඔහු දේශීය සංගීතය
අනාගත පරප ුරට උරුම කර දීමෙහි ලා මහඟු වෙහෙසක් දැරුවේය.තම ජීවිත කාලයෙන් වැඩිමනක්
කැප කරමින් හෙළ සංගීතයේ ප්‍රගමණයට ක්‍රියා කළ මෙම කලාකරුවා “කලා කීර්ති” ගෞරව
නාමයෙන ් ද පිදුම් ලැබුවේ ය. මෙලෙසින ් සිය ජන සංගීත පර්යේෂණ කටයුතු උදෙසා වූ කැපවීම
නිසා ම වයස්ගත වීමෙන් ඇති වූ ශාරීරික දුර්වලතාවට පවා අභියෝග කළ කලාකීර්ති සී. ද එස්.
කුලතිලකයන් 2005 වසරේ මැයි 21 වන දින දැයෙන ් සම ුගත්තේය.
මකුලොලුව මහතා විසින ් කුලතිකයන් ප ිළිබද මෙලෙස සඳහන් කොට ඇත.
”අද දේශීය සංගීතය ගැන උනන්දුවකින ් වැඩ කරන අවංක කැපවීමකින ් පොතපත ලියන එකම
සංගීතවේදියා සී.ද එස් කුලතිලක මහතා පමණි. ඔහු මගේ අරම ුණ මල් පල ගැන් වූ උගත්
සංගීතවේදියෙක්” (නවයුගය, 1982.07.26)
දෙසතිය පුවත්පත කුලතිලක හැදින්ව ූයේ මකුලොලුවගේ “අග්‍රශ්‍රාවක” ලෙස යි.තවද ඔවුන්ට අනුව
කුලතිලක යනු, ජන ගීයේ “පන්සිළු” ය (1990,නොවැ, දෙසැ. කලාපය)

සැකසුම – ඉරෝෂිකා බණ්ඩාර (බාහිර කථිකාචාර්ය)

test
Show More

What Will You Learn?

  • Understand the fundamentals of healthy dieting (calories, protein, carbs, fat, vitamins & minerals)
  • Create a diet that is perfect for your needs and lifestyle
  • Learn when, what and how much you should eat for optimal body composition
  • Build more muscle by optimizing your meal plan
  • Lose fat faster by optimizing your meal plan
  • Improve immunity and energy levels with the right vitamins and minerals

Research References

Advance Concepts

  • Referwnces
No Data Available in this Section
No Data Available in this Section